Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙප්‍රි වාන් සහ සම්බන්ධන් අතර හමුවක්  

Add comments

දිවයිනට පැමිණ සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිත්‍රත්ව කමිටුවේ සාමාජික  හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙප්‍රි වාන් වෝර්ඩන් මහතා හා දෙමළ සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා අතර හමුවක් කොළඹදී පැවැත්වුණා.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡාවට ගත් බවයි දෙමළ ජාතික සන්ධානය පවසන්නේ. රජයට තම සහාය ලබා දුන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත බවත් අගමැතිවරයෙකු හෝ රජයක් නොමැති අවස්ථාවක එම තීරණය ගත් බවත් සම්බන්ධන් මහතා මෙහිදී සඳහන් කළා. ලබන පෙබරවාරි 4 වනදාට පෙර නව ව්‍යවස්ථාව පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව ද එම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG