
කැලණිය , ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර , සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවල පහසුකම් ඉහල නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.
උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගුණාත්මකභාවය තවදුරටත් වර්ධනය කිරිමයි එහි අරමුණ. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාල සිසුන් සදහා සිව්මහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරිමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ද මහල් හතකින් සමන්විත බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරිමයි සැලසුම. සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සදහා නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරිමේ පළමු අදියර ද කඩිනමින් ආරම්භ කිරිමයි අපේක්ෂාව. මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ දේශණශාලා ගොඩනැගිල්ලේ සහ බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉදිරි කටයුතු සිදුකිරිම ද ව්‍යාපෘතියට ඇතුලත්.
Post a Comment