
අධික ශීත කාලගුණය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට බලපෑම් එල්ල වී තිබෙනවා.
උත්තරධ්‍රැවයේ සිට හමන ශීත සුළං හේතුවෙන් මෙම තත්වයි ඇතිව තිබෙන බවයි එරට කාළගුණ අංශ සදහන් කරන්නේ. ඇමෙරිකාවේ තුනෙන් දෙකක ප්‍රදේශයක් මේ වන විටත් හිමෙන් වැසි ගොස් තිබෙනවා. එරට පංච මහ විල් ආසන්නයේ සහ මිඩ්වෙස්ට් ප්‍රදේශවලට සෙල්සියස් අංශක ඝෘණ 50ක් දක්වා අධික ශීත කාලගුණ තත්වයක් පවතින බවයි වාර්තා වන්නේ. ඇතැම් ප්‍රදේශවල අගල් 15ක් පමණ හිම තට්ටුවලින් වැසී ඇති බව ද සදහන්. මේ හේතුවෙන් ජන ජිවිත අඩාල වී ඇති බව ද එරට වාර්තා පෙන්වා දෙනවා. පවතින මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල වාහන ධාවනයෙන් සහ එළිමහනේ සිටීමෙන් වළකින ලෙස ද බලධාරීන් දැනුම් දෙනවා. ගුවන් ගමන් දහස් ගණනක්ද අවලංගු කර ඇති බව සදහන්. පාසල් සහ කාර්යාල වසා දැමීමටයි කටයුතු කෙරුනේ.
Post a Comment