Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජරට විශ්වවිද්‍යාලයේ අපජලය මිහින්තලය බුලන්කුලම වැවට  

Add comments

රජරට විශ්වවිද්‍යාලයේ අපජලය මිහින්තලය බුලන්කුලම වැවට එක්වීමෙන් පරිසර හානි සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නේවාසිකාරවල අපජලය විධිමත් පරිදී බැහැර නොකිරීමෙන් ඒවා බුලන්කුලම වැවට එක්වන බව ප්‍රදේශවාසීන් පවසනවා. අපජලය වැවට එක්වීමෙන් පරිසරය මෙන්ම වැව ද  විනාශයට පත් වෙමින් තිබෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පවසනවා.

පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ,

මෙම ක්‍රියාව කඩිනමින් අත්හිටුවිය යුතු බව ප්‍රදේශවාසීන් ද පෙන්වා දෙනවා.

ප්‍රදේශවාසීන්,

මෙම චෝදනාව සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතාගෙන් අප විමසීමක් කළා. විධිමත් ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කර අපජලය පිරිපහදු කොට විශ්වවිද්‍යාල භූමියට විධිමත්ව එම ජලය මුදා හැරීමට කටයුතු කරන බවයි උප කුලපතිවරයා සදහන් කළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG