
මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටියදී මිය ගිය යුද හමුදා කපිතාන්වරයාගේ හා කෝප්‍රල්වරයාගේ දේහයන් ලබන දෙවන දා ශ්‍රී ලංකාවට රැගෙන එන බව යුද හමුදාව පවසනවා.
එම දෙදෙනාගේ තනතුරු උසස් කිරීමට ද කටයුතු කර තිබෙනවා.
එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම්වලදී මිය ගිය යුද හමුදා පාබල රෙජිමේන්තුවේ කපිතාන් දිනේෂ් ජයවික්‍රම මහතා මේජර් තනතුරට උසස් කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් මිය ගිය පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් සමන් විජය කුමාර මහතා සැරයන් තනතුරටයි උසස් කර තිබෙන්නේ.
මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයකින් ඔවුන් දිවි පිදුවේ පසුගියදායි.
මෙම දෙදෙනාගේ දේහයන් එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කර විශේෂ ගුවන්යානයකින් රැගෙන ඒමට නියමිතයි.
ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළේදී විශේෂ හමුදා උත්තමාචාරයක් ද පැවැත්වීමට නියමිතව තිබෙන බවයි යුද හමුදාව පවසන්නේ.
Post a Comment