
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බංගලිදේශ ජාතිකයන් දෙදෙනා දින හතක කාලයක් රඳවාගෙන ප‍්‍රශ්න කිරිමට පොලිසියට අවසර හිමි වුණා. සොයාගත් භෙරොයින් තොගයේ බර කිලෝ ග‍්‍රෑම් 278ක්.
එහි වටිනාකම රුපියල් මිලියන 3336ක් බවට හෙළිවුණා. බංගලිදේශ ජාතිකයන් දෙදෙනාගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරිම්වලදී කරුණු රැසක් හෙළිදරව් කර ගැනිමට පොලිසියට හැකිව තිබෙනවා. මීට සති කිහිපයකට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනිමට පොලිසියට හැකි වුණා. ඔවුන් ද මෙම ජාවාරම්වලට සම්බන්ධ බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Post a Comment