Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දු පාකිස්ථාන සිරකරු ලැයිස්තු හුවමාරුවක්  

Add comments

ඉන්දියාව සහ පාකිස්ථානය අතර සිරකරුවන්ගේ ලැයිස්තු හුවමාරුව අද(02) සිදුවනවා. ඒ දෙරට අතර 2008 වසරේදී ඇති කරගත් එකඟතා ගිවිසුමට අනූව.

ඉන්දීය අත්අඩංගුවේ සිටින පාකිස්ථාන සිරකරුවන්ගේ සංඛ්‍යාව 347ක්. ඉන්දීය සිරකරුවන් 537ක් පාකිස්ථාන අත්අඩංගුවේ සිටින බවයි තොරතුරු හෙළිව තිබෙන්නේ. ඊට මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවරයන් ද ඇතුළත්. මේ වනවිට ඔවුන්ගේ ලැයිස්තු සකසා අවසන් බවයි ඉන්දීය විදේශ අමාත්‍යංශය සඳහන් කළේ. සිරදඩුවම් කාලය නිමකළ පුද්ගලයන් යළි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද දෙරට අතර සාකච්ඡා පැවැත්වුණා. විශේෂ නියෝජිත කණ්ඩායමක් ඒ සඳහා යෙදවීමටත් අවධානය යොමුව තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG