Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති නව වසරේ සෝමාවති පුදබිමේ ආගමික වතාවත්වල  

Add comments

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නව වසර වෙනුවෙන් ජය ශ්‍රී මහා බෝධිය සහ  ඓතිහාසික සෝමාවතී පුදබිම වැද පුදා ගත්තා.

ඓතිහාසික සෝමාවතී පුදබිම වෙත අද (01) උදෑසනින්ම පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වුණා. සෝමාවතී සෑ රදුන් වෙත කප්රුක් පූජාවක් ද සිදු කළ ජනාධිපතිතුමා බෝ සමිදුන්ට සිවුරු පූජා කර පැන් දෝවනය කිරීමේ පිංකමකට ද සහභාගී වුණා. සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුනේ සුමංගල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනාකර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළකළා. නායක ස්වාමීන් වහන්සේ ‍මෙහිදී ප්‍රකාශ කළේ ජනාධිපතිතුමන් කුඩා කළ සිටම නොසැලෙන නායකයෙකු ලෙස ක්‍රියා කරමින් රටේ දියුණුවට කැප වී ක්‍රියා කරන බවයි. මෙහිදී ජනාධිපතිතුමන් වෙත බුදු පිළිම වහන්සේ නමක සිහිවටන ලෙස ලබා දීමටද උන්වහන්සේ කටයුතු කළා. සෝමාවතිය වැද පුදා ගැනීමට පැමිණ සිටි සැදැහැවතුන් වෙත ජනාධිපතිතුමා කිරිබත්වලින් සංග්‍රහ කළා. අනතුරුව එම ජනතාව සමග සුහද කතාබහකද නිරත වුණා. පිබිදෙමු පොළොන්නරුව යටතේ සෝමාවතී පුදබිමේ ඉදිකෙරෙන ධර්ම ශාලාවේ කටයුතු ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා.  මහජන නියෝජිතයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (31) පස්වරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරි නිවාස ස්වාමීන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වුණා.

ජය ශ්‍රී මා බෝ පුදබිමේ සංවර්ධන කටයුතු පිළිබදව එහිදී සාකච්ඡාවට ලක්වුණා. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. අනතුරුව ජනාධිපතිතුමා රුවන්වැලි සෑ රදුන් අභියස ආගමික වතාවත්වලටල ද එක්වුණා. ජනාධිපතිතුමා එහිදී විශේෂ මුරුතැන්ගෙයි පූජාවකටද සහභාගී වෙමින් නව වසරට ආශිර්වාද ලබා ගත්තා. රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේ සුවදුක් විමසා ආශිර්වාද ලබාගැනීමට ද ජනාධිපතිතුමා කටයුතු කළා. රුවන්වැලි සෑ පුදබිම පරිශ්‍රයේ සේපාලිකා පැලයක් ද රෝපනය කෙරුණා. දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක යන මන්ත්‍රීවරුන් ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG