Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිරිස්ස මුහුදේ තල් මසුන් නැරඹීමේ ව්‍යාපාරයේ ගැටලුවලට විසදුම්  

Add comments

මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරයේ පවතින ගැටලු විසදීමට වරාය හා නාවික කටයුතු  සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පියවර ගෙන තිබෙනවා.

තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරයේ පවතින ගැටලු පිළිබද විශේෂ සාකච්ඡාවක් වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. දේශීය හා විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කරන බෝට්ටු සේවාවල ඇති දුර්වලතා හදුනාගෙන විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබද මෙහිදී අවධානය යොමුවුණා.

තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරය රටේ ආර්ථිකය සවිමත් කිරීමට යොදා ගත යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. තල්මසුන්ට හිරිහැර නොවන ආකාරයෙන් ව්‍යාපාරය පවත්වාගෙන යාමේ වැදගත්කම සාගල රත්නායක මහතා මෙහිදී අවධාරණය කළා. බෝට්ටු හිමිකරුවන් හට තත්ත්ව සහතික ලබා දීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී යෝජනා කෙරුණා. බෝට්ටු අයිතිකරුවන් සදහා ණය පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද යෝජනා වුණා. මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීම සදහා දිනකට සංචාරකයන් දෙදහසකට ආසන්න පිරිසක් පැමිණෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG