Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇමති මංගල හමුවෙයි  

Add comments

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මුණගැසුණා. ඒ ශ්‍රීමත් විලියම් ඩාට්මවුත් සහ ජෙෆ්රි වන් ඔර්ඩන්  යන මහත්වරුනුයි.

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවේදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණු බව සදහන්. සංචාරක කර්මාන්තය, ජී.එස් පී ප්ලස් සහනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් එහිදී ආවරණය වුණා. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළදාම පිලිබද අමාත්‍ය මලික් සමරවික්‍රම හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG