Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සේනා දළඹුවා මර්දනයට ඩ්‍රෝන තාක්ෂණය  

Add comments

සේනා දළඹුවා මර්දනය කිරීම සදහා ප්‍රථම වරට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘමිනාශක ඉසීමේ පරික්ෂණ කටයුතු ගලෙන්බිදුනු වැව බඩඉරිගු වගාව ආශ්‍රිතව අත්හදා බැලීම් සිදුකළා. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්වයි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. සේනා දළඹු විශේෂය මේ වන විට මෙරට බඩඉරිගු වගාවට බරපතල තර්ජනයක් එල්ලකර තිබෙනවා. මෙම වැඩපිළිවෙලෙන් ඒ සදහා කඩිනම් විසදුමක් ලබා දීමයි අරමුණ. මීට අමතරව ගොවි ජනතාව දැනුවත් කිරීම කෘමි නාශක වර්ග 4ක් නිර්දේශ කිරීම, කෘමිනාශක මිලදී ගැනීම සදහා සියයට පනහක සහනාධාරයක් ලබා දීමට ද කටයුතු කර තිබෙනවා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG