Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීමේ යෝජනා ඇතුළත් අයවැයකට කැබිනට් අනුමැතිය  

Add comments

මේ වර්ෂය සදහා වන ජාතික අයවැය, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීම සදහා වන යෝජනා මෙන්ම 2021 වසර වනවිට අත්පත් කර ගැනීමට සැලසුම්කර ඇති රාජ්‍ය මූල්‍ය ඉලක්ක සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 17 කට වඩා වැඩි කිරීම, රජයේ පුනරාවර්තන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක ප්‍රතිශතයකට සීමා කිරීම එම යෝජනා අතර වනවා. රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 දශම 5 ක ප්‍රතිශතයක පවත්වා ගැනීමද යෝජනා අතරට ඇතුළත්. එසේම අයවැය හිගය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට තුනයි දශම 5 ක ප්‍රතිශතයකට සීමා කිරීම හා නොපියවූ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හැත්තෑවක ප්‍රතිශතයකට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම සදහා වන යෝජනාවලට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.

ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ යටතේ ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය, ග්‍රාමීය මාර්ග නවීකරණය, පාසල් සනීපාරක්ෂක කටයුතු, සතිපොල වැඩිදියුණු කිරීම, විදුලිබල ව්‍යාපෘතිය ඇතුළු වැඩසටහන් රැසක් සදහා මේ වසර වෙනුවෙන් රුපියල් බිලියන 48 ක ප්‍රතිපාදන වෙන් කිරීමට අනුමැතිය හිමිවුණා. පසුගිය වසරේ දී ගම්පෙරළිය වැඩසටහන වෙනුවෙන් වෙන්වූ මුදල රුපියල් බිලියන 20 ක්.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG