Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමේ වැදගත්කම ජනපති අවධාරණය කරයි  

Add comments

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (03) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම පක්ෂයේ කාන්තා සංවිධානය, තරුණ සංවිධානය, නීතීඥ සංගමය, උපාධිධාරී සංගමය, වෘත්තීයවේදීන්ගේ සංගමය ඇතුළු අනුබද්ධ සංවිධානවල නියෝජිතයින් මුණගැසුනා. එම අනුබද්ධ සංවිධානවලට අයත් කාර්යාල නිරීක්ෂණය සදහා ජනාධිපතිතුමා එක්වුයේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානයට ලක්කර ඒවායේ ක්‍රියාකාරී දායකත්වය පක්ෂය වෙනුවෙන් ලබා ගැනීමේ හැකියාව එහිදී සොයා බැලුවා. ශක්තිමත් ජනතාවාදී පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නා.

මේ අතර කටුගස්තොට,ගොහාගොඩ කැළිකසල කන්ද පිළිබද ගැටලුවට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා අවධාරණය කළේ මී තොටමුල්ල වැනි තවත් ඛේදවාචකයකට ඉඩ නොතබා එම ගැටලුවට විසදුම් ලබා දීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි. මහනුවර මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක කැළි කසල බැහැර කිරීම සදහා යොදා ගන්නා කටුගස්තොට,ගොහාගොඩ ප්‍රදේශයේ කසළ කන්ද හේතුවෙන් ගැටළු රැසක් මතුවී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. එහිදී ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ජනතාව පීඩාවට පත්වීමට ඉඩ නොතබා විධිමත් කසළ ප්‍රතිචක්‍රීය ක්‍රමවේදයක් ඔස්සේ කසල බැහැර කිරීමට කටයුතු කරන ලෙසයි. නගර සභාව සහ පළාත් සභාව එක්ව ඒ සදහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙසට ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG