
මිරිස්ස ප‍්‍රදේශයේ තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරයේ පවතින ගැටලු කඩිනමින් විසඳීමට අමාත්‍ය සාගල රත්නායක මහතාගේ අවධානය යොමුවුණා. ඒ අනුව පරිසරයට සහ සංචාරක බෝට්ටු හිමියන්ට ගැටලුවක් නොවන පරිදි විසඳුම් ලබාදීම අරමුණවී තිබෙනවා.
තල්මසුන් නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකෙරෙනවා. බෝට්ටු හිමිකරුවන්ට තත්ව සහතික ලබාදීමට ද මාස 5 ක් ඇතුලත කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නේ. 2012 වසරේ කි‍්‍රයාත්මක කළ තල්මසුන් නැරඹීමේ රෙගුලාසි පටිපාටිය මිරිස්ස ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කිරීමටත් යෝජනා කර තිබෙනවා. දිනකට සංචාරකයන් දෙදහසකට ආසන්න පිරිසක් තල්මසුන් නැරඹීම සඳහා පැමිණෙන බවයි සංචාරක ව්‍යාපාරයේ නියුතු පිරිස් සඳහන් කළේ. නිසි නියාමන ක‍්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 45 ක පමණ පාඩුවක් සිදුවෙනවා. මේ තත්වය කළමනාකරණය කරගැනීම සඳහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නා.
Post a Comment