Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්කුඩු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් මත්කුඩු සමග හෝමාගම පනාගොඩ ප්‍රදේශයේදී  සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් වැටලීම සිදු කළා.

හෝමාගම  , පනාගොඩ ප්‍රදේශයේදී  මෝටර් රථයක්  පරීක්ෂා කිරීමේදී හෙරොයින් තොගය හමුව තිබෙනවා.හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 60 කට වැඩි ප්‍රමාණයක් සහ ජීව අත්බෝම්බයක් ද මෙහිදී අත්අඩංගුවට ගැනුණා. වසර අවුරුදු 33ක් වූ සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවක්. ඔහු රත්මලාන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ ප්‍රධාන ගෝලයකු බවටද තොරතුරු හෙලිව තිබෙනවා. වැඩිදුර විමර්ශන සදහා  සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඉදිරිපත් කෙරුණු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට ද  නියමිතයි.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG