
ධීවර සංස්ථාව එලදායී රාජ්‍ය ආයතනයක් ලෙස ගොඩනැගීමට නව වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා.
ඒ සංස්ථාවේ දීර්ඝ කාලයක් පැවති පාඩු ලැබීමේ තත්වය සැලකිල්ලට ගනිමින්. ධීවර සංස්ථාව සතු ප‍්‍රාදේශීය මිලදී ගැනීමේ සහ අලෙවි මධ්‍යස්ථාන විසි දෙකෙන් 14 ක්ම පාඩු ලබන බවටයි හෙළිව තිබෙන්නේ. ඒ අනුව ධීවර සංස්ථාවේ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ද සහභාගී වූ බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ. සංස්ථාවේ සේවකයන්ට දේශපාලන හේතුමත කිසිසේත්ම හිරිහැර සිදුනොවිය යුතු බවත්, එහිදී අමාත්‍යවරුන් අවධාරණය කර තිබෙනවා. සේවකයන්ගේ එළදායීතාව ඉහල නැංවීමට ද සාකච්ඡාවේදි අවධානය යොමුවුණා.
Post a Comment