Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිලිනොච්චිය මහ රෝහලේ පළමු දණහිස් බද්ද කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව  

Add comments

කිලිනොච්චිය මහ රෝහලේ පළමුවරට දණහිස් බද්ද කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදුකර තිබෙනවා.

රෝහලේ පවතින අවම පහසුකම් යටතේ එය සිදුකිරිමට හැකිවීම විශේෂත්වයක් බවයි විශේෂඥ වෛද්‍ය එස් ශෂිකරන් මහතා ප‍්‍රකාශ කළේ. ශල්‍යකර්මය කිරිමට අවශ්‍ය උපකරණ ලබාගෙන තිබෙන්නේ මන්නාරම මහ රෝහලෙන්. ඒ කිලිනොච්චිය රෝහලේ ඊට අවශ්‍ය උපකරණ නොමැතිවිම හේතුවෙන්. ඇවිදීමේ අපහසුතාවෙන් පෙලුණ මන්නාරම පල්මුණේ ප‍්‍රදේශයේ පදිංචි 63හැවිරිදි පුද්ගලයෙකුටයි ශල්‍යකර්මය සිදුකළේ. ශල්‍යකර්මය සාර්ථකවීම හේතුවෙන් ඔහු මේවන විට නීරෝගී සෞඛ්‍ය තත්වයේ පසුවනවා. ශල්‍යකර්මය සාර්ථක වීමත් සමග දණහිස් බද්ද කිරීමේ ශල්‍යකර්ම කිලිනොච්චිය රෝහලේදී ඉදිරියටත් සිදුකිරිමටයි රෝහල් අධ්‍යක්ෂවරයා තීරණය කර තිබෙන්නේ. දණහිස් බද්ද කිරීමේ ශල්‍යකර්ම උතුරු පලාත තුළ මීට පෙර සිදුකර තිබුණේ යාපනය රෝහලේ පමණක්වීම විශේෂත්වයක්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG