
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 335 ක මුදලක් අනුමත කර තිබෙනවා.
මේ අනුව මහඉලුප්පල්ලම, අම්පාර හා අලුත්තරම ගොවිපොළවල ඒකාබද්ධ වියලන හා පිරිසැකසුම් සංකීර්ණයක් ස්ථාපනය කිරීම, පැල‍්වෙහෙර හා බටඅත ගොවි පොළ සඳහා අතිරේක ආහාර භෝග බීජ තේරීම සඳහා නව තාක්ෂණ යන්ත්‍ර මිලට ගැනීම, රහන්ගල, සීතාඑළිය, බටඅත හා අම්පාර ගොවිපොළවල බීජ ගබඩා 4 ක් ඉදිකිරීම හා බීජ සහ රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථාන වල ප්‍රවාහන පද්තිය වැඩිදියුණු කිරීම සිදුකරනු ඇත.
Post a Comment