
ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයට ලැව් ගිනි තත්වයක් හට ගෙන තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ නගර 14කට පමණ මේ වන විටත් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. එම ප්‍රාන්ත බලධාරීන් සදහන් කරන්නේ ලැව් ගිනි තත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි. අධික උෂ්ණ සහ වියළි කාළගුණ තත්වය මෙන්ම අධික සුළං හේතුවෙන් ලැව් ගිනි අනෙකුත් ප්‍රදේශවලටත් පැතිරා යා හැකි බවට අනතුරු අගවා තිබෙනවා. කෙසේවෙතත් මේ වන විටත් ටස්මේනියා ප්‍රාන්තයේ නිවාස තුනක් ලැව් ගිනි හේතුවෙන් මුළුමුනින්ම විනාශ වී ඇති බව සදහන්.
Post a Comment