
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.
විශේෂ කාර්ය බලකාය වැටලීම සිදුකළේ පනාගොඩ ශ‍්‍රි මහාබෝධි විහාරය අසල මාර්ගයේදීයි. ඒ සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී. ඔහු ළග තිබී හෙරොයින් තොගයක් සහ ජීව අත්බෝම්බයක් සොයාගැනීමට හැකිවුණා. එම පුද්ගලයා රත්මලාන ප‍්‍රදේශයේ අපරාධ කල්ලි නායකයෙක් වන අමල් චමින්ද සිල්වා නැමැත්තාගේ ප‍්‍රධාන ගෝලයෙකු බවටයි හෙළිවුණේ. වැඩිදුර විමර්ෂණ සදහා ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඉදිරිපත් කර තිබෙනවා.
Post a Comment