Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තරුණ පරපුරට තාක්‍ෂණ උද්‍යාන 332ක්  

Add comments

දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි තරුණ පරපුර වෙනුවෙන් තොරතුරු තාක්ෂණ උද්‍යාන 332 ක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාණික්කනගර් උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මඩකලපුව පෝරතිව්පත්තු, මාණික්කනගර් උදා ගම්මානය ජනතා අයිතියට පත් කෙරුණු 167 වන ආදර්ශ ගම්මානයයි. නිවාස 25 කින් සමන්විත එම ගම්මානය ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අඩු ආදායම්ලාභී පවුල් 100 කට විසිරි ණය ලබාදීම ඇතුළු තවත් වැඩසටහන් රැසක්ද ඊට සමගාමීව සංවිධාන කර තිබුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG