රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කොට පුළුස්සා ඇතැයි හෙළිවෙයි; අපක්ෂපාති පරික්ෂණයක් සදහා පොලිසියේ 15කට ස්ථාන මාරු

අතුරුදන්වූ ගාල්ල රත්ගම වයාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුලුස්සා ඇති බවට හෙළිව තිබෙනවා.
අක්මීමන ගොනාමුල්ල ප‍්‍රදේශයේ නිවසකදී ඝාතනය සිදුකර ඇති බවත්, වලස්මුල්ල මැදගම්ගොඩ රක්ෂිතයකදී පුළුස්සා ඇති බවටත්, හෙළිවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පලාත් විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරින් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවත්, රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා.
රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු රඳවා තබාගෙන පසුව ඝාතනය කළ බවට සැක කෙරෙන අක්මීමන ප්‍රදේශයේ පිහිටි නිවස ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ පරික්‍ෂාවට ලක් කෙරුණා.
අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ කඳු ගැටයක් මත කැළෑබඳ ස්ථානයක මෙම නිවස පිහිටා තිබෙනවා. නිවස කලක් පුරා අතහැර දමා ඇති බවටයි සැක කෙරෙන්නේ.
ව්‍යාපාරිකයින් දෙදෙනා මෙම ස්ථානයට රැගෙන විත් රඳවා තබාගෙන පසුව ඝාතනය කර ඇති බවට සැක කළ හැකි සාධක නිවස තුළ තිබී හමුවුණා. ඒ අනුව ගාල්ල මහේස්ත්‍රාත්වරයා නිවස පරික්‍ෂාවට ලක් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්‍ෂක නිශාන්ත ද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Post a Comment