
සේනා දළඹුවාගෙන් සිදුවූ හානි සඳහා ගොවීන්ට සති දෙකකින් වන්දි ලබාදෙන බව අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළා.
හානි තක්සේරු කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් යොදවා තිබෙනවා. වැඩිම හානි සිදුව ඇති දිස්ති‍්‍රක් හදුනා ගැනීමට හැකිවුණා. විධිමත් ආකාරයෙන් වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.
හානි සිදුවූ අක්කරයක් වෙනුවෙන් රුපියල් හතළිස් දහසක මුදලක් ලබාදීමටයි ප්‍රතිපාදන වෙන්කර තිබෙන්නේ. ස්වභාවික හානියකදී අනෙකුත් බෝග වගා වලට ලබාදෙන මුදලම බඩඉරිඟු වෙනුවෙන් ද ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
Post a Comment