Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපති සහ අගමැතිගෙන් සුබ පැතුම්  

Add comments

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද(22) ලැබූ ජයග්‍රහණයත් සමග ආසියානුවන් ලෙස ප්‍රථම වතාවට දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලියකින් පරාජයට පත් කිරීම ඉතිහාස ගතවනවා. කුසල් ජනිත් පෙරේරා හොද තරගයක් ලබාදුන්නා. තරුණයන්ගේ ජවය විශිෂ්ට බවයි ජනාධිපතිවරයා නිකුත්කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කලා. ඒ මහියංගනය දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG