Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඝාතනය වූ බව කියන රත්ගම ව්‍යාපාරිකයන්ගෙන් සැකකටයුතු ඇමතුමක්  

Add comments

ඝාතනය කළ බව කියන රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් ඔවුන්ගේ ඥාතීන්ට සැකකටයුතු දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා. සිද්ධිය පිළිබද පොලිසිය පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරනවා.

අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුළුස්සා ඇති බවට සැකකෙරෙන ස්ථානයක් ඊයේ විශේෂ පරික්ෂාවට ලක් කෙරුණා. එහි තිබී අස්ථි කොටස් කිහිපයක් හා හිසකෙස් ස්වල්පයක් ද හමුවුණා.

ව්‍යාපාරිකයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් රත්ගම ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වුණා. මේ හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට ද මතුවූයේ දැඩි බාධාවක්.  උද්ඝෝෂකයන් රත්ගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ද අවහිර කළා. ඒ හේතුවෙන් රජරට රැජිණ දුම්රිය ධාවනය කිරීමට ද බාධා මතුවුණා.

මේ අතර අතුරුදන් වූ ව්‍යාපාරිකයන්ගෙන් බවට සැක කෙරෙන දුරකතන ඇමතුමක් ඔවුන්ගේ ඥාතීන්ට ලැබුණා. මෙම ව්‍යාපාරිකයන් නිදහස් කිරීමට නම් කප්පම් මුදල් ලබා දෙන ලෙසයි එම ඇමතුමෙන් දැනුම් දුන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG