Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලි රාජ්‍යයේදී මියගිය හමුදා සාමාජිකයන්ගේ පවුල්වලට ජනපතිගේ ශෝකය  

Add comments

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විතයේ යෙදී සිටිය දී දිවිපිදූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ දෙමාපියන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සාතිශය සංවේගය පළ කරයි.

පොළොන්නරුව, අභයපුර ප්‍රදේශයේ පිහිටි මේජර් ජයවික්‍රම මහතාගේ නිවසට අද (02) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා ඒ මහතාගේ ආදරණීය මෑණියන් වන යූ.ඩී. ප්‍රේමකාන්ති මහත්මිය සහ පියාණන් වන ගමන්ගොඩ ජයවික්‍රම මහතා වෙත තම බලවත් කණගාටුව පළ කරමින් කතා බහක නිරත විය.

මාලි රාජ්‍යයේ දී දිවි පිදූ රණවිරුවන් දෙදෙනාගේ දේහයන් කඩිනමින් දිවයිනට ගෙන ඒමට නියමිත අතර එම කටයුතු පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලීය.

මාතෘ භූමියට විශාල ගෞරවයක් ලබාදෙමින් ජගත් සාම ක්‍රියාදාමයට එක්ව සිටිය දී, ජීවිතය පරිත්‍යාග කළ මෙම උදාරතර ලංකා පුත්‍රයාගේ අභාවය පිළිබඳ සිය බලවත් කණගාටුව පළ කරමින්, එම නිවසේ තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ ජනාධිපතිතුමා විසින් විශේෂ ශෝක සටහනක් ද තැබීය.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG