Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාවට ආහාර හිඟයක්  

Add comments

මෙම වසර සදහා තම ආහාර අවශ්‍යතාවය ටොන් මිලියන 1.4 කින් අවම වී ඇති බව උතුරු කොරියාව පවසනවා.

ජනතාවට ලබාදෙන ආහාර සලාක හරි අඩකින් අවම කිරීමට සිදුවන බවයි උතුරු කොරියාව ජගත් මහා මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.

උතුරු කොරියාව ගෙන යන න්‍යෂ්ටික වැඩපිලිවෙල හේතුවෙන් එරටට එරෙහි සම්බාධක රැසක් ක්‍රියාත්මක වීම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පවතින කාලගුණ තත්ත්වය ද ආහාර නිෂ්පාදනයට දැඩි බාධාවක් වී ඇති බව උතුරු කොරියාව පවසනවා.

උතුරු කොරියාවේ ජීවත්වන පුද්ගලයින්ගෙන් සියයට 40 ක් පෝෂණ ඌණතාවයෙන් පෙලෙන බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG