Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානයේ ත‍්‍රස්ත කදවුරට එල්ල කළ ප‍්‍රහාරයට කිලෝග‍්‍රෑම් දහසක් බරැති ලේසර් බෝම්බ යොදාගත් බව ඉන්දියාව කියයි  

Add comments

පාකිස්ථානයේ පිහිටි ත‍්‍රස්ත කදවුරකට එල්ල කළ ගුවන් ප‍්‍රහාරය සදහා කිලෝග‍්‍රෑම් දහසක් බරැති ලේසර් මගින් හසුරුවන බෝම්බ යොදාගත් බව ඉන්දියාව ප‍්‍රකාශ කළා.

ප‍්‍රහාරක ජෙට් යානා 12 ක් ද ඊට යොදවා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. ප‍්‍රහාරය සම්පුර්ණයෙන්ම සාර්ථක වූ බවත්, ත‍්‍රස්ත කදවුර මුළුමණින්ම විනාශයට පත්කිරිමට හැකිවු බවත්, ඉන්දීය ඇමතිවරයෙකු ප‍්‍රකාශ කර තිබෙනවා. එසේ ප‍්‍රහාර එල්ලකරන ලද ත‍්‍රස්ත කදවුර ඉන්දීය පාකිස්ථාන දේශසීමාවට ඔබ්බෙන් පාකිස්ථානයේ පිහිටා තිබිම විශේෂත්වයක්.

මේ අතර ඉන්දියාව සිය ගුවන්සීමාව උල්ලංඝණය කළ බවටද පාකිස්ථානය අද දහවල් ප‍්‍රකාශකර තිබුණා. පසුගිය 14වනදා ඉන්දිය සෙබලුන් හමුදා සෙබලුන් 40 දෙනෙකු ජිවි්තක්ෂයට පත්කරමින් එල්ල වූ පුල්වාමා ප‍්‍රහාරයට ප‍්‍රතිචාර ලෙස ඉන්දියාව මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG