
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව අප්‍රේල් 29 වනදා කැදවීමට අධිකරණය නියෝග කළා.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවෙන් ඇවන්ගාඩ් සමාගමට අයුතු ලාභයක් ගෙන දෙන ආකාරයෙන් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ ලබා දුන් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
එමගින් රජයට රුපියල් බිලියන 11 යි දශම හතරක පාඩුවක් සිදු වූ බව සදහන්. එම නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එම පෙත්සම හෙට (27) කැදවිමට නියමිත බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
Post a Comment