
ආපදා සම්බන්ධයෙන් පෙරට වඩා වැඩි අවධානයක් යොමුවිය යුතු බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
ආපදා හානි අවම කිරීම සදහා වූ සැලැස්ම පළාත් පාලන ආයතනවලට හදුන්වාදීමේ වැඩමුළුවක් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ජයිකා ආධාර යටතේයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. ආපදා හානිය අවම කිරීමේ දී පළාත් පාලන ආයතන ක්‍රියා කළයුත්තේ කෙසේද යන්න පිළිබද මෙහිදී අවධානය යොමුවුණා. ඒ පිළිබද ජපානයේ අත්දැකීම් හුවමාරුකර ගැනීමද මෙහිදී සිදුකෙරුණා.
Post a Comment