Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උද්ධමනය ඉතා හොඳ මට්ටමක – මහ බැංකු අධිපති  

Add comments

අය වැය පදනම් කර ගනිමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගෙන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. මෙම වසරේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියාසිටියා.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි –

“අපි සැලසුම් කළ ආකාරයට උද්ධමනය ඉතා හොඳ මට්ටමක පවතිනවා. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පවතින්නේ තරමක් අඩු මට්ටමකයි. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල උද්ධමනය ද ඉතා හොඳ මට්ටමක තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසියම් ප්‍රතිපත්ති රාමුවක ඉඳලයි වැඩ කරන්නේ. අපිත් ඒ තුළ වැඩ කරන්න ඕන. අපේ ආර්ථිකය ස්ථාවරත්වය පවතින්නේ අයවැය මත. අය වැය ඉතා ශක්තිමත් එකක් විය යුතුයි. මම හිතනවා මේ ප්‍රතිපත්තිත් එක්ක අපි යන ගමන නිවැරදියි කියලා. දැන් ඒ ගමන තවත් වේගවත් කරන්න ඕන.”

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG