Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාදිනල් හිමිපානන් රජයට ස්තූතිය කරයි  

Add comments

පෞද්ගලික පාසල් සදහා ශාඛා පාසල් ආරම්භ කිරීමට රජය ලබාදුන් අවසරයට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ස්තූතිය පළකරනවා. ශාන්ත පීතර විද්‍යාලයේ පැවති උත්සවයකදී අගරදගුරුතුමා මේ බව ප්‍රකාශ කළා.

කොළඹ 4 ශාන්ත පීතර විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය විවෘත කිරීම අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. 1977 වසරේ සිට 1994 වසර දක්වා කාලය තුළ එම විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරූ ජෝ වික්‍රමසිංහ පියතුමා නමින් එය නම්කර තිබෙනවා. ආසන 2700 කින් සමන්විත ක්‍රීඩාගාරය සදහා වැය කළ මුදල රුපියල් මිලියන 200 ක්. විදුහල්පති ට්‍රැවෝ මාටින් පියතුමා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG