Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

WARNING : රම්බා පරිගණක වයිරසය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න  

Add comments

පරිගණක ආශ්‍රිතව මේ දිනවල පැතිර යන වයිරසයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා.

රම්බා නමින් හදුන්වන මෙම වයිරසය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ සිදු කරන බාගත කිරිම් හරහා පරිගණක වෙත ඇතුළු වන බව එම සංසදයේ තොරතුරු ආරක්ෂක ඉන්ජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සදහන් කරනවා.

එමෙන්ම විද්‍යුත් තැපැල හරහාද මෙම වයිරසය පරිගණක පද්ධතියට ඇතුළු විය හැකියි.

එවැනි සිදු වීමක් වුවහොත් 0112 69 16 92 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG