
රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල 2019 වසරේ පළමු පාසල් වාරය අදින් අවසන් වනවා. ලබන 22 වෙනිදායි දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ.
මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අවසන් වන්නේ ලබන 11 වෙනිදායි. ඒවා දෙවන වාරය වෙනුවෙන් ලබන 17 වෙනිදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. සියලු පාසල්වල දෙවන වාරය ආරම්භ කිරිමට පෙර පවිත‍්‍ර කිරිමේ වැඩසටහන් අනිවාර්යයෙන්ම සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් තිබෙනවා.
Post a Comment