Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රවාහන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට විශේෂ වැඩපිළිවෙලක්  

Add comments

සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළද ජන ජීවිතයට බලපාන අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය පියවර ගෙන තිබෙනවා.

ප්‍රවාහන කටයුතු විධිමත් පවත්වාගෙන යාම සදහා වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මකයි. රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙකුත් දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදී සිදු කෙරෙන බව දුම්රිය තාක්ෂණික  අධිකාරී ටී එල් වික්‍රමරත්න මහතා පවසනවා. දුම්රිය මගීන්ගේ ආරක්ෂාව සදහා ද වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දුම්රිය අංගනවලින් පිටත්වන දුම්රිය කට්ටල පරික්ෂාවකට ලක්කෙරෙනවා. සැකකටයුතු පුද්ගලයන් හා පාර්සල් පරික්ෂා කිරීම් සදහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් යොදවා තිබෙනවා.

දෛනික කාලසටහනට අනුව බස් රථ ධාවනය ද ධාවනයේ යෙදවීමට සූදානම් කර තිබුණ ද පවතින තත්ත්වය අනුව මගී අවශ්‍යතාව හදුනාගෙන බස් රථ ධාවනයේ යොදවන ලෙසට ප්‍රාදේශීය කළමනාකරුවන්ට උපදෙස් දී ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් අතිරේක සාමාන්‍යාධිකාරී පී ආර් ටී චන්ද්‍රසිරි මහතා පවසනවා. පෞද්ගලික බස් රථ ද සාමාන්‍ය පරිදී ධාවනයේ යොදවා ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා කියා සිටින්නේ.

තවද ඉන්දන බෙදා හැරීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සදහා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. වරායේ කටයුතු ද සාමාන්‍ය පරිදී සිදුවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG