
ජංගම දුරකථන සදහා භාවිත කරන සිම් කාඩ්පත් 50 ක් සහ තවත් උපකරණ කිහිපයක් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු කල්පිටිය මනල්ගුන්ඩුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කල්පිටිය පොලිසිය හා නාවික හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින්. 40 හැවිරිදි සැකකරු හොරණ ප‍්‍රදේශයේ පාසලක උසස් පෙළ දෙමල මාධ්‍ය ගුරුවරයෙකු බවයි විමර්ෂණවලින් හෙළිවුණේ.
ඔහු ලග තිබි ලැප්ටොප් පරිගණකයක්, සංයුක්ත තැටි හතක් සහ ස්මාර්ට් ෆෝන් දෙකක්ද පොලිස් භාරයට ගැණුනා. ජංගම දුරකථන සිම්කාඩ්පත් 50 ක් සැකකරු ලග තබාගෙන සිටියේ කුමක් සදහා ද යන්න පිලිබද පොලිසියේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.
Post a Comment