
ගාල්ල දම්ගෙදර ප‍්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.
පසුගියදා මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ තවුහිද් ජමාද් සංවිධානය මගින් ගාල්ල ප‍්‍රදේශයේ පාසලක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ලද තොරතුරක් මත එම ස්ථානය විශේෂ පරික්ෂාවකට ලක්කළ බවයි පොලිසිය පවසන්නේ.
එහිදි සැකකරුවන් අත්අඩංගුවට ගැණුනා. එක් අයෙකු එම පාසලේ විදුහල්පතිවරයායි. අනෙක් පුද්ගලයා වෛද්‍යවරයෙකු වන අතර, ඔහු පාසලේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ගාල්ල පොලිසියයි විමර්ෂණ සිදුකරන්නේ.
Post a Comment