Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොරැල්ල OIC යට කර පලා ගිය නවිදු ඇපමත නිදහස්  

Add comments

බොරැල්ල රථවාහන  අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු වන නවිදු ඔමේෂ් රත්නායක යන අය ඇපමත මුදා හැරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි  නියෝගය නිකුත් කළේ. .

රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය අධිකරණයට දන්වා සිටියේ නඩුවේ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීම සදහා නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු ද  මීට පෙර ඇප මත මුදා හැරුණා.  නඩුව ලබන 22 වනදා යළි කැදවීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG