
බීමතින් රිය පදවා අනතුරක් සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අලුත්කඩේ රථවාහන අධිකරණය වෙත අද පෙරවරුවේ පැමිණියා.
බොරැල්ල කිංසි පාර ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණේ ඊයේ අළුයමයි. මාර්ග වර්ණ සංඥා උල්ලංඝනය කරමින් ඔහු පැදවූ රියෙහි ත්‍රීරෝද රථයක් හැපී තිබෙනවා. ඉන් ත්‍රීරෝද රථයේ රියදුරු සුළු තුවාල ලැබුවා. සිද්ධියේ සැකකාර දිමුත් කරුනාරත්න පොලිස් ඇප මත මුදා හැරුණේ අද දින අධිකරණයේ පෙනී සිටිය යුතු බව දැනුම් දෙමින්. ඒ අනුවයි ඔහු අද අධිකරණයට පැමිණියේ.
Post a Comment