ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තාට එරෙහිව ගොනුකළ නඩුව ජූලි 25 වනදා යළි කැඳවීමට තීරණය කර තිබෙනවා.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ බෞද්ධ ජනතාවට අපහාස වන අයුරින් ප‍්‍රකාශ නිකුත් කිරිමයි ඔහුට එරෙහි චෝදනාව. නඩුව සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට අද (09) දැනුම් දුන්නේ.
නීතිපතිවරයාගේ උපදෙස් පිලිබඳ ප‍්‍රගතිය වාර්තා කිරිම සඳහා නඩුව ජූලි 25 වනදා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය එහිදී නියෝග කළා.
Post a Comment