හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තුන් දෙනෙකුට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂි විමසීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු භාණ්ඩාගාර ලේකම් පී.බී.ජයසුන්දර ඇතුළු තුන් දෙනෙකුට ලබන 13 වනදා අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කෙරුණා. ඒ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයායි නඩුව පවරා තිබෙන්නේ. ඒ ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පෞද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමේදී සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්. නඩුවේ පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂී විමසීම මීට පෙර අවසන් කෙරුණා.
Post a Comment