බල්ගේරියාව සහ උතුරු මැසිඩෝනියාවේ තෙදින නිල සංචාරයක් සදහා ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බල්ගේරියාවට පැමිණියා.
උන්වහන්සේ එරට දේවස්ථාන අතර සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණිනුයි මෙම සංචාරයට එක් වන්නේ. බල්ගේරියාවේ සොෆියා ගුවන්තොටුපලේදී උන්වහන්සේ පිලිගැනීමට එරට අග්‍රාමාත්‍යවරයා සහ විශාල ජනතාවක් එක්ව සිටියා. පාප්වහන්සේ එරට දේවස්ථානවල ආගමික නායකයන් හමුවී සාකච්ඡාවක ද නිරත වුණා.
අනතුරුව උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සොෆියා අගනුවර පිහිටි ශාන්ත ඇලෙක්සැන්ඩර් නෙවුස්කි ආසන දෙව්මැදුරේ දේවමෙහයක් ද පැවැත් වුණා. වසර 17 කට පසුව එරටට පාප් වහන්සේ කෙනෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වනවා. බල්ගේරියාවේ සංචාරයෙන් අනතුරුව උන්වහන්සේ උතුරු මැසිඩෝනියාව බලා පිටත් වීමට නියමිතයි.
Post a Comment