Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මධ්‍යධරණී මුහුදේ අනතුරකින් 65ක් ජීවිතක්ෂයට  

Add comments

යුරෝපය බලා ගමන් කරමින් තිබූ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීයාමෙන් පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ටියුනීසියාවට ආසන්න මධ්‍ය ධරණී මුහුදේ දී අනතුර සිදුව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සදහන් කරන්නේ.

පුද්ගලයින් 16 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකිවූ බව එම ඒජන්සිය වැඩිදුරටත් සදහන් කරනවා. මෙම සංක්‍රමණික බෝට්ටුව පසුගිය බ්‍රහස්පතින්දා ලිබියාවේ සුවාරා ප්‍රදේශයෙන් පිටත්ව තිබෙන බවද සදහන්. සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ ඒජන්සිය සදහන් කරන්නේ මෙම වසරේ පළමු මාස 4 තුළ ලිබියාව සහ යුරෝපය අතර සංක්‍රමණික මුහුදු ගමන් මාර්ගයේදී පුද්ගලයින් 164 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG