Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි හිමිකම්  

Add comments

අලුතින් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම් ලබා දීමේ උත්සවය ලබන 30 වනදා අම්පාරේදී සිදු කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. තවත් පිරිසකට සමෘද්ධි පිරිනැමීම ලබන 31 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සදහන් කරන්නේ.

අමාත්‍ය දයා ගමගේ මහතා ඉදිරිපත් කළ අයවැය යෝජනාවකට අනුවයි මෙසේ අලුතින් සමෘද්ධි හිමිකම ලබා දීම සිදුවන්නේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදී සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරාගෙන තිබෙනවා. ලබන 30 වනදා අම්පාර ජී එච් වීරසිංහ ක්‍රීඩාංගනයේදී මෙහි පළමු පිරිසට සමෘද්ධි හිමිකම ලබා දෙනවා. 31 වනදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී  තවත් පිරිසකට සමෘද්ධිය ලබා දීමටයි සැලසුම්කර ඇත්තේ.

ලබන 15 වනදා වන  විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම මෙසේ සමෘද්ධි හිමිකම් ලබා දී අවස්න්කිරීමට නියමිතයි. පසුගිය වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවයි මෙම ප්‍රතිලාභීන් තෝරාගෙන ඇත්තේ. සමෘද්ධි සහනාධාර හිමිකම් ලැබීමෙන් අනතුරුව එම සෑම පවුලක් සදහාම සමාජ ආරක්ෂණ අරමුදල මගින් ප්‍රදානය කෙරෙන ප්‍රතිලාභ රැසකට ඔවුන් හිමිකම් කියනු ඇති.

The post තවත් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි හිමිකම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG