Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඥානසාර හිමිට එරෙහි නඩුව ජුනි 7 වනදා යළි කැදවේ  

Add comments

වැලිකඩ මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කලැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට එරෙහිව පවරා ඇති නඩුවෙන් උන්වහන්සේ නිදහස් කරන්නැයි විත්ති පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

2017 වසරේ දී වැලිකඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කලැයි ඥානසාර ස්වාමීන් වහන්සේට එරෙහිව නඩුවක් පවරා තිබෙනවා. එය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී  විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවා දායකයාට ඉදිරිපත් කර ඇති චෝදනා පදනම් විරහිත බවයි. එහෙයින් ඥානසාර ස්වාමීන් වහන්සේ නඩුවෙන් නිදහස් කරන ලෙස ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.  නඩුව යළි ජුනි 7 වනදා කැදවීමට අධිකරණය නියෝග කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG