Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කටාර් රාජ්‍යයේ විශිෂ්ඨ ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාවට  

Add comments

කටාර් රාජ්‍යයේ විශිෂ්ට ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. එරට පරිපාලන සංවර්ධන කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශයයි මෙම සම්මානය පිරිනමා ඇත්තේ.

කටාර් රාජ්‍යයේ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කරන රටවල් අතරින් ශ්‍රී ලාංකික ශ්‍රමකයින්ගේ කුසලතා අගයිමින් විශිෂ්ට ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාවට පිරිනමා තිබෙනවා. පසුගිය පළමුවනදාට යෙදුනු ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීවයි මෙම උත්සවය සංවිධාන කෙරුණේ.

එරට කම්කරු අමාත්‍යවරයා අතින් කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක රසික ජයසිංහ මහතා මෙම සම්මානය ලබාගත්තා. ශ්‍රී ලංකා රජය ශ්‍රමිකයන් විදේශ රැකියා සදහා යොමුකිරීමේ ක්‍රමවේදය මෙහිදී ඇගයීමට ලක්කර තිබෙනවා. සේවක ආරවුල් විසදීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දක්වන දායකත්වය හා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුහදශීලී සේවා දායකත්වය ද අගයමිනුයි මෙම සම්මානය පිරිනමා ඇත්තේ.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG