Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විනාශයට පත් දේවස්ථානයන්හි ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක්  

Add comments

පාස්කු ඉරිදා දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් දේවස්ථානයන්හි සිදු කෙරෙන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අගරදගුරු නිල නිවසේ දී පැවැත්වුණා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටියා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි,  මීගමුව කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් හා මඩකලපුව සියෝන් යන දේවස්ථානවල සිදු කෙරෙන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මෙහිදී විමසා බැලුනා. මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන වචනයට පමණක් සීමා නොකර නිසි පරිදී ආරම්භ කර දැනටමත් කටයුතු කරමින් පැවතීම අගය කරන බවයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී සදහන් කළේ.

දේවස්ථාන නව පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීම පිළිබද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සියලු දෙනාට ස්තුතිය පුද කරන බවද අගරදගුරු හිමිපාණන් මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.  ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් දේවස්ථානවල ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන්නේ අගරදගුරු හිමිපාණන්ගේ මෙන්ම සහායක රදගුරු හිමිපාණන් වහන්සේගේ ද,  පියතුමන්ලාගේ ද ආශිර්වාදය හා උපදෙස් මත බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම සාකච්ඡාවේදී කියා සිටියේ. හානියට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම රජයේ වගකීම බවත් දිරිය නිවාස වැඩසටහන අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

ශාන්ත මරිය මද්දලේනා හා  බොරැල්ල රෝමානු කතෝලික යන දේවස්ථාන ප්‍රතිසංස්කරණ සදහා රුපියල් ලක්ෂ 50ක මූල්‍යාධාර ලබා දීම මෙහිදී සිදුවුණා. දේවස්ථාන කිහිපයකට තීන්න හා සිමෙන්ති ලබාදීමට එකගතාවකට එළඹීමටයි කටයුතු කෙරුණේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG