Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක කර්මාන්තය ඉදිරි මාස කිහිපය ඇතුලත යථාතත්වයට පත්කළ හැකි  

Add comments

සංචාරක කර්මාන්තය ඉදිරි මාස කිහිපය ඇතුලත යථාතත්වයට පත්කළ හැකි බව සංචාරක සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා.

ශ‍්‍රී ලංකාවේ ආරක්ෂිත තත්වය කෙරෙහි ජාත්‍යන්තරයේ විශ්වාසය ගොඩනගා ගැනීමට අවශ්‍ය මුලික පියවර මේවන විට ගෙන තිබෙනවා. සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේද සහාය ඇතිව විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂු ගෝමස් මහතා පෙන්වා දෙන්නේ.

වැඩපිළිවෙළට ගෝලිීය මහජන සබදතා සමාගමක සහාය ලබාගැනෙනවා. ත‍්‍රස්ත ප‍්‍රහාර හෝ ස්වාභාවික ව්‍යවසනවලින් හානියට පත් රටවල සංචාරක ක්ෂේත‍්‍රය යළි නගා සිටුවීමට මැදිහත්ව ක‍්‍රියාකළ සමාගමක් ඒ සදහා තෝරාගන්නා බවයි කිෂූ ගෝමස් මහතා සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG