උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීම් කිහිපයක් සිදුකර තිබෙනවා. ඒවා නිරීක්ෂණය සඳහා නායක කිම්ජොන් උන් ද සහභාගීවූ බවයි එරට රාජ්‍ය රූපවාහිනිය තහවුරු කරන්නේ.
කෙටිදුර මිසයිල කිහිපයක් එහිදී අත්හදා බලා තිබෙනවා. හොඩො අර්ධද්වීපයේ සිට ජපාන මුහුදට මිසයිල යොමුකරමින් අත්හදා බැලීම සිදුකළ බව ද උතුරු කොරියාව සඳහන් කළා.
මේ පිළිබද ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ද අදහස් පළකර තිබෙනවා. ඒ ඔහුග් ටුවිටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින්. තමා සමඟ එළඹි එකඟතා කඩනොකර සිටීමට උතුරු කොරියා නායකයා කි‍්‍රයාකරනු ඇති බවටයි ඇමරිකා ජනාධිපතිවරයා විශ්වාසය පළකරන්නේ.
Post a Comment