Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆොනී බංග්ලාදේශයට ඇතුල්වෙයි  

Add comments

ඉන්දියාවේ පුද්ගලයින් 16 දෙනෙකුට දිවි අහිමි කළ ෆොනී සුළි කුණාටුව බංග්ලා දේශයට ඇතුල් වී තිබෙනවා.

ඉන්දියානු උප මහද්වීපයට වසර 5කට පසුව බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව වන ෆොනී සුළි කුණාටුවෙන් වැඩි බලපෑම් එල්ලවුණේ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයටයි. බංග්ලාදේශ බලධාරීන් පවසන්නේ සුළු කුණාටුව ඇතුළුවීමත් සමඟ එරට පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බංග්ලාදේශයේ මුහුදුබඩ ප්‍ර දේශවලින් පුද්ගලයින් මිලියනයක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. සුළි කුණාටුව ඇතුළුවීමත් සමග බංග්ලාදේශයේ ප්‍රදේශ රැසක නායයාම් , ධාරාණිපාත වර්ෂා හා ගංවතුර තත්ත්වයන් ඇතිවී තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG